සූර්ය කෝෂ පද්ධතියක ති ප්‍රධානම ගැටලුව නම් එහි ඇත්තේ ඉතා අවම කාර්යක්ෂමතාවයයි. එය ගණනය කිරීම සඳහා පහත උදාහරණය සලකා බලමු.
සුර්යය කෝෂ පද්ධතියක කාර්යක්ෂමතවයට බලපාන සාධක කීපයකි. ඒවා පහත පරිදි වේ.
නිෂ්පාදන දෝෂ
සාමාන්‍යයෙන් සුර්යය කෝෂ නිෂ්පාදකයන් 5% ක ්‍රතිශතයක් දෝෂයක් නම් කරනු ලබයි. ඉන් අදහස් වන්නේ සුර්යය සෛලයක් තුළ 5% ක් අඩු හෝ වැඩි අගයකින් ශක්ති උපදවිය හැකි බවයි.
ක්‍රියාකාරි උෂ්ණත්වය
උශ්නත්වය සෙල්සියස් 50 - 75 දක්වා වෙනස්වීම්ේදී කාර්යක්ෂමතවය 10% ක් පමණ වෙනස් වේ.
දූවිලි සහ අපද්‍රව්‍ය
මේ හේතුව නිසා කාර්යක්ෂමතාවය 7% කින් පමණ අඩු වේ.
මොඩියුල නොගැළපුම සහ wire මගින් හානිය
මොඩියුල එක එකක් අතර ඇති නොගැලපීම් නිසා 2% පමණ ශක්ති හානියක් සිදුවේ එමෙන්ම wire නිසා ඇතිවන ප්‍රතිරෝධය මගින් 3% පමණ ශක්ති හානියක් සිදුවේ
Inverter හානිය
Inverter කාර්යක්ෂමතවය දක්වනු ලබන්නේ සියයට අනුවක් පමණ. එම නිසා බැටරිය මගින් 10% ක් පමණ ශක්ති හානියක් වන බව පැහැදිලිය
සම්පූර්ණ කාර්යක්ෂමතාව ඉහත කරුණු සලකා බැලීමේදී පහත පරිදි ගණනය කර ඇත
මුළු කාර්යක්ෂමතාව = නිෂ්පාදන දෝෂ + ක්‍රියාකාරි උෂ්ණත්වය + දූවිලි සහ අපද්‍රව්‍ය + මොඩියුල නොගැළපුම සහ wire මගින් හානිය + Inverter හානිය
මුළු කාර්යක්ෂමතාව = 0.95 * 0.90 * 0.93 * 0.93 * 0.95 * 0.90
= 0.63 or 63%
සාමාන්‍ය සූර්ය පැනලයක කාර්යක්ෂමතාව 15% පමණ බව නිෂ්පාදකයින් දක්වයි එම නිසා සම්පූර්ණ පරිවර්තන කාර්යක්ෂමතාව පහත පරිදි වෙ .
පරිවර්තන කාර්යක්ෂමතාව = 15% * 63%
= 9.45%
පසුගිය ලිපිනය පසුගිය ලිපියේ ආකාරයට සාදා ගතයුතු ඒකක ප්‍රමාණය 410 බව සිත්මිු එමනිසා මාසයකට දින තිහක් යයි සලකා එක් දිනකට සාදාගත යුතුයි ඒකක ප්‍රමාණය
410/30 = 13.67 kwh/day
හිරුගෙන් ලැබෙන තාප ශක්ති ප්‍රමාණයක් දිනකදි වර්ගමීටරයකට 5kWh(5 kWh/m2/day) පමණ වේ. ඉහත කරන ලද පරිවර්තන යක්ෂමතා කාර්යක්ෂමතාව මගින් සූර්යයාගෙන් ොතරම් ශක්ති ප්‍රමාණය පරිවර්තන කරගත හැකිදැයි බලමු.
9.45% * 5 kWh/m2/day = 0.472 kWh/m2/day
එම නිසා අවශ්‍ය වර්ගඵලය = 13.67/0.472 m2
= 28.96m2
එම නිසා අදාල කාර්යයට 29m2 අවශ්‍ය වේ.
| ITEM NO. | ASM-300p |
| Maximum Power (Pmax) | 300 Wp |
| Optimum Power Voltage (V mp) | 36.60 V |
| Optimum Operating Current (I mp) | 8.20 A |
| Open Circuit Voltage (Voc) | 44.30 V |
| Short Circuit Current (Isc) | 8.648.77 A |
| Cell Efficiency (% ) | 17.10% |
| Module Efficiency (%) | 15.50% |
| Silicon Type | Poly Crystalline 156X156mm(6 inch) |
| Series Fuse Rating (A) | 15A |
| Size of Module (mm) | 1950x990x50 mm |
| Solar Cell | 156×156 Poly Crystalline |
| Number of Cell (PCS) | 72(6×12) cells |
| Weight (kg) | 23 kg |
ඉහත දක්වා ඇත්ත්තේ සූර්ය පැනලයක පිරිවිතර සටහන්කි. එම සටහන් අනුව අදාල වර්ගඵලය ලබාගැනීමට වශ්‍ය සූර්ය පැනල ප්‍රමාණය පහත පරිදි වේ.
29/(72*0.156*0.156) = 16.55
එමනිසා සූර්ය පැනල 17 අවශ්‍ය වේ.
අවශ්‍ය inverter පහත පරිදි වේ.
320 * 17 = 5440 W
5.5 kW, 6kW inverter භාවිතා කිරීමෙන් ඉහත අවශ්‍යතාවය සපුරාගත හැක.
මෙම ක්‍රම දෙක ගණනයේේදී ලැබුණු අගයන් වෙනස් බව ඔබට පෙනේ. මෙයට හේතුව වන්නේ ෙම ක්‍රමයේදී අපි ගණනය කිරීම්ට නිවැරදිම දත්ත භාවිතා කිරීමයි. මුල් ක්‍රමයට වඩා ෙම ක්‍රමයේදී ඔබට වඩාත් ආසන්න, වඩාත් නිවැරදි පද්ධතිය ගණනයය කරගත හැක. සූර්ය පැනල භාවිතයේදී එය series or parallel ලෙස භාවිතා කළ හැක. මෙලෙස භාවිතා කිරීම්ේ දී අදාල inverter input voltage අගය ඉක්මවා නොයන ලෙස stings (String යනු එක පෙළට අමුණන ලද සූර්ය පැනල පද්ධතියකි ) සකසා ගැනීම කළ යුතුය.
වැඩි දෙනෙකුගේ ඉල්ලීම් මත මෙම පාඩම් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත ඉදිරි පාඩම් සඳහා ඔබගේ අදහස් පහළින් දැක්වීම අගය කොටස සලකමු.